Friday, October 31, 2014

Block කරලා තියන ඕනිම Website එකකට රිංගමු...

ඔයාලා හැම කෙනෙක්ටම ලිපිනයක් තියනවානෙ නේද? කෙනෙක්ගෙ ලිපිනය අපි දන්නවා නම් අපිට පුලුවන් එයාව මුන ගැහිලා කතා බහ කරලා දැන හඳුන ගන්න. ඉතින් මේක දන්න අයත් ඇති. නමුත් දන්න පිරිසට වඩා නොදන්න පිරිස වැඩියි කියලා මට හිතෙන නිසා මේක ඔයාලට දෙන්න හිතුනා. අපි ඉන්ටර්නෙට් බාවිතා කරනවා නම් අපිටත් මේ වගේ ඉන්ටර්නෙට් එකේ ලිපිනයක් ලැබෙනවා. මේකට කියන්නෙ IP Address (eg : 199.255.209.70) එක කියලා. ඔයාලටත් ඔයාලගේ....    Read More

Thursday, October 30, 2014

Windows වල Password අමතක උනොත් මොකද කරන්නේ?...



   වින්ඩෝස් වලට දාපු පාස්වර්ඩ් එක අමතක වෙන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. එහෙමත් නැතිනම් Administrator ගිණුමේ හෝ වෙනත් ගිනුමක පාස්වර්ඩ් එක හොයා ගන්න බැරි කම. Command Prompt එකෙන් කරන්න පුළුවන් කියලා ගොඩක් අය කීවට ඒක
ගොඩක් අයට සාර්ථක නෑ. ඒක නිසා අද මම කියලා දෙන්නේ බොහොම ප්‍රයෝජනවත් දෙයක් ගැන. හැබැයි අමතක කරන්න එපා වැරදි විදියට මේක යොදා ගන්න එපා. නරක කෙනෙකුට මේක ලැබුනොත් ප්‍රතිපලයත් නරකයි . ඒත් මම මේක නරක දේකට කියල දෙනවා නෙවෙයි. ඉගෙන ගන්න කියල දෙන දෙයක් පමණයි.        


       මේකට ඉස්සර වෙලාම.... Read More

Sunday, October 26, 2014

Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක් එයි!...මුහුණුපොතට ලගදීම (t)සුනාමික් අත ලගයි......

ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවන නිර්මාණ (Content) හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයියුවද පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත. එම අඩුපාඩුව පෙන්වා දෙමින් ඔබේ නිර්මාණ වලට වටිනාකමක් ලබාදෙන නවතම සමාජ ජාල වෙබ් අඩවික් මේවනවිට සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙම සමාජ ජාලය..... Read More

Friday, October 24, 2014

Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ...

සුබ දවසක් යාළුවනේ. අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්න ටිකක් අමාරු නම් කරන්න තියෙන හොදම දේ Driver Genius වගේ software එකකින්  Drivers ටික update කරගන්න එක. අපි Driver Genius software එකෙන්   drivers update එකක් දාගන්න ගිහාම  අපේ computer එකේ hardware වලට ගැලපෙන Drivers හොයාගෙන Download කරගන්නවා, අපිට තියෙන්නෙ ඒ ටික instrall කරලා computer එක restart කරන එක.මෙතැනින් software එක Download කරගන්


Download වුනාට පස්සෙ ... Read More...

Thursday, October 23, 2014

ඩිලීට් වූ ෆයිල් නැවත හොයා ගන්නා හැටි...

  ඔබ පරිගණකය භාවිතා කරන විට අත් වැරදීමකින් හෝ වෙනයම් කාරණාවකින්  ඔබට අවශ්‍යම ෆයිල් එකක් මැකී ගිය හොත් එය නැවත ලබා ගැනීමට දැන් ලතවිය යුතු නැත.ඒ සඳහා දැන් මෘදුකාංග තිබෙන බැවිනි.ඔබ අතින් මකා දමන ෆයිල් එක්වරම දෘඩා තැටියෙන් ඉවත්වන්නේ නැත.ඔබ ඉවත් කල ෆයිල් තිබු ස්ථානයේ වෙනත් ෆයිල් එකක් ගබඩා වන තුරු ඒ මැකුන ෆයිල් එක සුරැකිව තිබේ.මේ සඳහා හොඳම මෘදුකාංගයක් වන්නේ undelete my files යන මෘදුකාංගයි.එය බා ගැනීමට......  Read More



Monday, October 20, 2014

Best Windows Applications - නිතරම අවශ්‍ය වන මෘදුකාංග...



ඔබ පරිගණකය සමග වැඩ කිරීමේදි විවිධ මෘදුකාංග භාවිතා කෙරෙනවා. මෙම මෘදුකාංග විවිධ වැඩ සදහා උපයෝගීවෙනවා. අද මම කියලා දෙන්න යන්නේ ඔබ අන්තර්ජාලයක් සමග පරිගණකයක් භාවිතා කරන්නෙක්නම්, ඔබට වැදගත් වෙන Software ටිකක් ගැනයි.

හොදයි අපි දැන් බලමු ඒ මොනවද කියලා.... Read More

Tuesday, October 14, 2014

Teller of future අනාගතය කියන්නා. (Sinhala)...

ඔන්න තව software කැල්ලක් අරන් ආවා..මෙකනන් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා ඔයාලා ගොඩක් කැමති ඇතිනෙ ඔයාලගෙ අනාගතේ ගැන දැන ගන්න... දැන් ඉතින් ඔයාල ඔය සාස්තර අහන්න තැන තැන යන්න ඔනෙ නෑ.. මම දෙන්න යන්නෙ ඔයාලට ඔයාලගෙ කොමාගෙන්ම ඔයාලගෙ අනාගතෙ ගැන දැන ගන්න පුලුවන් software එකක්.... කරන්න තියෙන්නෙ පොඩි දෙයයි...

මෙක බා ගන ලිහාගන ඉන්ස්ටොල් කරන්න..
ඊට පස්සෙ මෙකෙ තියන පැච් එක දා ගන්න ඊට පස්සෙ ඔයගෙ අනාගතෙ ඔයාලටම බලා ගන්න පුලුවන්....
මෙ font එක ඔයගෙ කොමාගෙ නැත්තම් මෙක බලන්න බැ එකත් මෙකෙ තියනව ඔන්න... දාගන්න හැටි කියල දෙන්න දෙයක් නැනෙ නේද...

1.software එක download කරගන්න
2.winrar මගින් extract කරගන්න.
3.දැන් එය install කරන්න.
4.ඔබ extract කරගත් folder එකෙ ඇති TOF Patch නැමති folder එක ඔබ software එක install කල ස්ථානයට ඇතුලත් කරන්න(copy-paste)

හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නෑ මෙන්න මේක බා ගන්න කො..

 Download Now...






Thursday, October 9, 2014

Windows Registry එක Wash කර ගන්න සුපිරි බඩු...

ඔන්න මම අදත් ඔයාලට අලුත්ම අලුත් දෙයක් අරගෙන ආවා.ඔයාලා පරිගණකයත් එක්ක ටික දවසක් වැඩ කරගෙන යනකොට Windows Registry වල එක එක වෙනස්කම් නිසා Problems එන්න පුළුවන් ඉතින් මම අද දෙන්නේ ඔයාගේ Windows Registry එක wash කරගන්න පුළුවන් එල සොෆ්ට්වෙයාර් එකක් 

ඔන්න එහෙනම් මෙතැනින් බා ගන්නකො...

Download Now...


Sunday, October 5, 2014

Software එකක් සම්පුර්ණයෙන්ම Uninstall කරමුද?...

ඔන්න යාලුවනේ අදත් අපිට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයාර්  එකක්  අරගෙන ආවා. මේ    මෘදුකාංගය ගැන කිව්වොත් මේක Program එකක් සම්පුර්ණයෙන්ම Unistall කරලා දෙන වැඩසටහනක්. මෘදුකාංගයක් සාමාන්‍යයෙන් Windows වලට එන ” Add or Remove Program" එක හරහා අපේ පරිගණකයට Install කරලා තියන වැඩසටහනක් Unistall කරද්දි තිබෙන ප්‍රදානඅවාසියක් තමයි එම වැඩසටහනපරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් නොවීම. එමතත්වය දිගින් දිගටම සිදුඋනාම අනවශ්‍ය File සහ Registry Entrys නිසා පරිගණකයේ  වේගය පවා මන්දගාමි වෙනවා. ඉතින් දැන් මේ දෙන මෘදුකාංගය Program එකක්   Read More>>>


Saturday, October 4, 2014

Kaspersky Internet Security 2014 එක activator එකත් එක්කම බාගන්න...

ඔන්න අද මම ගෙනාවෙ පොඩි වයිරස් ගාර්ඩ් එකක්.පොඩි කිව්වට පොඩිම නෑ ඉතින්.KASPERSKY කිව්වම ඕන එකෙක් දන්නවනෙ.මේක ඉන්ස්ටෝල් කරන්න නම් කම්පියුටර් එකේ මේ requirements තියෙන්න ඔනේ.

Friday, October 3, 2014

Microsoft සමාගම Windows 9 අත්හැර Windows 10 නිකුත් කරයි...!!

ඔන්න කට්ටියට කොහොමද අද අරගෙන ආව Windows 10 ඊයේ දිනයේ තමා Microsoft එකෙන් Windows 10  Release කරේ ඔන්න මම අද ඔයාලට අරගෙන ආව...වින්ඩෝස් 8 එලි දැක්වූවාට පස්සෙ අපි හැමෝම හිතුවෙ ඊළඟට එන වින්ඩෝස් සංස්කරණය වින්ඩෝස් 9 වෙයි කියල.ඒත් අපි නොහිතපු විදිහට ඊලඟ වින්ඩෝස් සංස්කරණය මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් 10 කියල නම් කරල තියනව.මෙයට හේතුවක් විදිහට දක්වලා තිබෙන්නෙ මේ වින්ඩෝස් සංස්කරණය අද්විතීය එකක් වෙන නිසයි.Read More....


Windows 8.1 Update 1 Pro X64 PreActivated Final...

The Windows 8.1 Update delivers a collection of refinements designed to give people a more familiar and convenient experience across touch, keyboard and mouse inputs. It also brings improvements for business customers, really accelerates opportunity for developers, and enables device makers to offer lower cost devices.

Download Now...

Thursday, October 2, 2014

ලොව වඩාත් ප්‍රචලිත ඇන්ඩ්‍රොයිඩ් මගින් wifi හැක් කරමුද?...

පළමු කොට මම සඳහන් කරනවා,මෙමගින් ඇතිවන නීතිමය ගැටලුවලට මා හෝ මෙම Blog එක වග කියනු නොලැබේ!

පලමු මෙතඩ් එක,WPA2 WPS Routers වලට හැක් කරමු!

එහෙනම් පටාන් ගමු ළමායි!
මුලින්ම ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය Root කරන්න ඕනේ!මම පස්සේ කියලා දෙන්නම් දන්නේ නැති උන්දැලාට!
ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වල ඔය වගේ තකතීරු වැඩ කරන්න Root Access ඕනේ!ඒක නිසයි එහෙම කරන්න ඕනේ!Iphone වල ඔහොම තකතීරු වැඩ කරන්න Jailbreak කරනවා වගේ තමයි!

ඒට පස්සේ.............   Read More... 

ඔබත් දායක වන්න google සිංහල පරිවර්තනයට.

මම විශ්වාස කරනවා ඔබ කවුරුත් දන්නව ඇති කියල google translate පිලිබඳව.ගූගල් translate වලින් භාශා 81 ක්පමණ වෙනත් භාශා වලට පරිවරතනය කිරීමේ හැකියාව තිබෙනවා.නමුත් මෙය සිංහල භාශාව අඩංගු වන්නෙ නෑ.ගූගල්සමාගම මීට පෙර අවස්ථා කීපයකදීම පැවසුවා ලගඳීම සිංහල පරිවර්තන  සේවාවත් ලබාදෙන බව.මෙය කල්ගතවෙන්න බලපාපු ප්‍රධානම හේතුව තමයි අනිත් භාශාවන්ට  වඩා සිංහල භාශාව වඩාත් සංකීර්ණ භාශාවක් වෙනඑක.ඒකනිසාම සිංහල භාශාවට අදාල translate ඇල්ගොරිතමයන් සාදන්නටත් විශාල කාලයක් ගතවෙනවා.
ඉතින් මේ සැප්තැම්බර මාසේ 1 වෙනිදා ඉඳන් 7 වෙනිදා  දක්වා ගූගල් සමාගම sinhala translate week නමින් විශේෂ වැඩසටහනක් පැවැත් වුවා.ඒ වැඩසටහනේ අරමුණ වුනේ සිංහල පරිවර්තනය සඳහා අපෙන් උදව්වක් ගන්න එක.ඉතින් ඔයාලටත් පුලුවන් ගූගල් සිංහල පරිවර්තනයට ඔයාලගෙ සහයත් ලබාදෙන්න මෙන්න මේ සබැඳියෙන් ගිහින්.https://translate.google.com/community අපි හැමෝගෙම උත්සහාය මත තමා ගූගල් සිංහල පරිවර්තනය සිදුවෙන්නෙ .ඒකට ගතවන කාලයත් අපේ උත්සහාය කැපැවීම මතම පවතීවි.මෙම පරිවර්තනය සම්පූර්ණ වුනදාට අපිට පුලුවන් වෙයි youtube,G+,adsense ආදී ගූගල් සමාගමේ හැම සේවාවකම සහාය සිංහලෙන්ම ලබාගන්නේ වගේම ඔයාලගෙ හිතේ නිහතමානී ආඩම්බරයකුත් ඇති කරගන්න පුලුවන්.මොකද ඔයාලත් මේ සිංහල පරිවර්තනයට පුංචි හරි සහයෝගයක් ලබාදුන්න කියල!එහෙනම් අදට මම ගිහිල්ල එන්නම් සුබ දවසක් ඔයාලා හැමෝටම!

IP හය්ඩ් කරමු..................

ඔන්න අදත් මම ආවා පොඩි පෝස්ට් එකක් අරගෙන.මම අද අරන් ආවේ සුපිරිම සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමා.මේ රටේ ඉන්න බොහෝ දෙනෙක්ට තියෙන ලොකු ගැටලුවක්නෙ ඔය සමහර සයිට්,වීඩියෝස් එහෙම අපෙ රටට බ්ලොක් කරන එක.ඒකට පොඩි විසදුමක් තමා මේ සොෆ්ට් එක.
මේකෙන් කරන්නේ අපේ IP Adress එක වෙනස් කරන එක,කොටින්ම කිව්වොත් අපි මේ රටෙන් නැතුව වෙන රටකින් එන වගෙ පෙන්නන එක.පට්ට නේ.ලන්කාවට නැති එක එක වරප්‍රසාද ලබාගන්න කියාපු භාණ්ඩයක් තමයි මේ.මේක බාවිතා කරලා හොරෙන් email යවන්න වගේ දේවලුත් සට සට ගාලා කරන්න පුලුවන්.තව ඉතින් බලන් ඉන්නේ මොකටද අදම බාගන්න.

Download Now...

Wednesday, October 1, 2014

ඔබේ Passwords හැකර්ලා ගෙන් රැකගමු......

ගොඩක් කාලෙකින් අලුත් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා. මේ දවස් වල බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කරලා ඒකේ ඉතුරු වැඩ ටික ටික ඉවර කරන ගමන් ඉන්නෙ. ඉතින් මගේ බ්ලොග් එකට නිතර එන ඔයාලට මොනවා හරි අපහසුතාවයක් උනා නම් ඒකට මුලින්ම සමාවෙන්න. තව දෙයක් තමයි මගේ සයිට් එකේ සමහර ඩවුන්ලෝඩ් ලින්ක්ස් වැඩ කරන්නෙ නෑ. ඒවා හැම එකක්ම ආයෙත් තව ටික දවසකින් රීඅප්ලෝඩ් කරනවා. ඒ සම්බන්දයෙන් ඔයාලට සිදුවන අපහසුතාව ගැනත් බලවත් කණගාටුව...

මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉතා වැදගත් දෙයක්. සමහරු දැනටමත් මේක බාවිතා කරනවා ඇති. ඒත් තාමත් බාවිතා නොකරන මේ ගැන නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතුන නිසා පොඩ්ඩක් ලියන්න තීරණය කරා. අපි හැමෝටම අන්තර්ජාලයෙ විවිධ එකවුන්ට් තියෙනවා. ඊමේල් එකවුන්ට්, ෆේස්බුක් එකවුන්ට්, ඔන්ලයින් බෑන්ක් එකවුන්ට්, වගේ තව තව ගොඩක් දේවල්. තමන් තමන්ගෙ එකවුන්ට් ගැන ගොඩක් සැලකිලිමත් වෙන පුද්ගලයෙක් නම් කවදාවත් හැම එකවුන්ට් එකකටම එකම පාස්වර්ඩ් එකක් බාවිතා කරන්නෙ නෑ. මොකද පිටස්තරයෙක් කිසියම් ක්‍රමයකින් ඔබව රවට්ටලා ඔබේ පාස්වර්ඩ් එක දැන ගත්තොත් ඔබ ඔබේ සෑම ගිණුමකටම බාවිතා කරලා තියෙන්නෙ එකම පාස්වර්ඩ් එකක් නම් ඔබට ඒ සියලුම එකවුන්ට් අහිමි වෙනවා. ගොඩක් වෙලාවට හැකර්ලා... සොරි වැරදුනා... ස්ක්‍රිප්ට් කිඩ්ස්ලා ඔබේ පාස්වර්ඩ් දැන ගන්නෙ ඔබව රවට්ටලා. සෝෂල් නේට්වර්ක් බාවිතයෙන් කිසියම් පුද්ගලයෙක් රවට්ටලා ඔහුගේ පුද්ගලික තොරතුරු ලබා ගන්න එකට අපි කිසිම වෙලාවක හැක් කරනවා කියලා කියන්නෙ නෑ. නමුත් ගොඩක් අය මම දැකලා තියෙනවා ෆේස්බුක් එකවුන්ට් හැක් කරා... ඊමේල් එකවුන්ට් හැක් කරා කිය කිය කෑ ගහනවා. නමුත් එතන ඇත්තටම හැක් කිරිමක් වෙලා නෑ. වෙලා තියෙන්නෙ යම් පුද්ගලයෙක්ව රවට්ටලා ඔහුගේ පාස්වර්ඩ් එක සොරකම් කිරීම පමණයි. එසේ යම් කෙනෙක්ව රවට්ටලා පාස්වර්ඩ් එක හොරකම් කරන්න පුලුවන් ආකාර ගොඩක් තියෙනවා. ඔබ බුද්ධිමත් නම් කාටවත් ඔබේ පාස්වර්ඩ් හොරකම් කරන්න බෑ. අනිත් එක තමයි දැන් ජී මේල් වල ෆේස්බුක් වල පවා ඉතාමත් හොඳ සාර්ථක පහසුකමක් හඳුන්වලා දීලා තියෙනවා. දැන් කියලා කිව්වට මේවා ඇවිල්ලා ටික දවසක් වෙනවා... ගොඩක් අය දන්නවා මේ ගැන. ඒ තමයි Facebook වල Login Approvals සහ Gmail වල 2-Step Verification කියන පහසුකම්. ඉතින් මේ පහසුකම් ඔබ සක්‍රීයකර ගත්තොත් ඔබ ගොඩක් ආරක්ශිතයි වගේම පාස්වර්ඩ් එක පිටස්තරයෙක් අතට පත් උනත් බයවෙන්න දෙයක් නෑ.

ඒවා ගැන ඒ ඇති. අද මම ඔයාලට කියන්න යන්නෙ අපගේ පාස්වර්ඩ් මැනේජ් කරන්න පුලුවන් විශ්වාසවන්ත හා ආරක්ෂිත දැනට තිබෙන ලෝකයේ තියෙන හොඳම Password Manager මෘදුකාංගයක් ගැන. ඒ තමයිLastPass Password Manager මෘදුකාංගය. මේක නොමිලේ සපයන මෘදුකාංගයක්. පහසුකම් පොඩ්ඩක් වැඩි සංස්කරණයක් අවුරුද්දකට ඩොලර් 12ක් වගේ පොඩි ගානක් දීලා ගන්නත් පුලුවන්. නමුත් මේ නොමිලේ දෙන සංස්කරණය අපිට අපේ ආරක්ෂාව සඳහා හොඳටම ප්‍රමාණවත්.

Lastpass බාවිතයේ තියෙන වාසි මොනවද කියලා සමහර විට ඔයාලට හිතෙන්න පුලුවන්. මම පහලින් ඔබට ලැබෙන ප්‍රධානම වාසි ටික දාන්නම්.

01.) පලවෙනි එක තමයි අපිට පාස්වර්ඩ් මතක තියාගන්න ඕන වෙන්නෙ නෑ. මොකද Lastpass අපේ පාස්වර්ඩ් මතක තියාගන්නවා. ඔබට මතක තියාගන්න වෙන්නෙ Lastpass සඳහා දෙන මාස්ටර් පාස්වර්ඩ් එක විතරයි. සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරද්දි මාස්ටර් පාස්වර්ඩ් එකට හොඳ ශක්තිමත් පාස්වර්ඩ් එකක් දෙන්න, ඒ වගෙම ඒ පාස්වර්ඩ් එක හොඳින් මතක තියා ගන්න.

02.) දෙවනි වාසිය තමයි අපිට අපේ මොකක් හරි එකවුන්ට් එකකට ලොග් වෙන්න ගියාම යූසර්නේම් හා පාස්වර්ඩ් ටයිප් කර කර කාලය කන්න ඕන නෑ. AutoFill පහසුකම තියෙන නිසා එක ක්ලික් එකෙන් පාස්වර්ඩ් යූසර් නේම් තෝරලා දෙන්න පුලුවන්.

03.) තුන්වෙනි පහසුකම තමයි අපිට පාස්වර්ඩ් මතක තබා ගැනීමේ උවමනාවක් නැති නිසා එක් එක් එකවුන්ට් එක සඳහා එකිනෙකට වෙනස් පාස්වර්ඩ් ලබා දීමට හැකි වීම.

04.) තව ලැබෙන වාසියක් තමයි ඉතා ශක්තිමත් පාස්වර්ඩ් අපිට මේ මෘදුකාංගය බාවිතා කරලම සාදා ගන්න හැකි වීම.

මම හිතනවා ඔබට මේ ඉතාමත් වටිනා මෘදුකාංගය ගැන වැටහීමක් ලැබෙන්න ඇති කියලා. ඔබ එක පාරක් හරි මේ මෘදුකාංගය බාවිතා කරලා බලන්න. එතකොට ඔබට වැටහේවි වෙනස. එහෙනම් පහල ලින්ක් එකෙන් Lastpass වල අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න


තව වැදගත්ම දෙයක් කියන්න තියෙනවා. කිසිම වෙලාවක ඔබ බාවිතා කරන වෙබ් බ්‍රවුසර් එකේ හරි නෝර්ට්පෑඩ් එකක ටයිප් කරලා ඩෙස්ක්ටොප් එකේ හරි ඔබේ පාස්වර්ඩ් සේව් කරලා තියන්න එපා. RAT (Remote Access ToolTrojan Horse) එකක් වැරදීමකින් හරි ඔබේ පරිගණකයට රිංගුවොත් එක ක්ලික් එකෙන් ඔබේ වෙබ් බ්‍රවුසර් වල සේව් කරලා තියෙන පාස්වර්ඩ් හා ඔබේ හාර්ඩ් එකේ සේව් කරලා තියෙන ඩේටා RAT එක හදපු පුද්ගලයට ලබා ගන්න පුලුවන්. ඒවා ගැන වැඩිය මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තුවක් නෑ.


මට කරන උදව්‍වක් විදිහට පල්ලහැ AD එකත් ඔබගෙනම යන්න හොදේ.....