මම විශ්වාස කරනවා ඔබ කවුරුත් දන්නව ඇති කියල google translate පිලිබඳව.ගූගල් translate වලින් භාශා 81 ක්පමණ වෙනත් භාශා වලට පරිවරතනය කිරීමේ හැකියාව තිබෙනවා.නමුත් මෙය සිංහල භාශාව අඩංගු වන්නෙ නෑ.ගූගල්සමාගම මීට පෙර අවස්ථා කීපයකදීම පැවසුවා ලගඳීම සිංහල පරිවර්තන සේවාවත් ලබාදෙන බව.මෙය කල්ගතවෙන්න බලපාපු ප්රධානම හේතුව තමයි අනිත් භාශාවන්ට වඩා සිංහල භාශාව වඩාත් සංකීර්ණ භාශාවක් වෙනඑක.ඒකනිසාම සිංහල භාශාවට අදාල translate ඇල්ගොරිතමයන් සාදන්නටත් විශාල කාලයක් ගතවෙනවා.
ඉතින් මේ සැප්තැම්බර මාසේ 1 වෙනිදා ඉඳන් 7 වෙනිදා දක්වා ගූගල් සමාගම sinhala translate week නමින් විශේෂ වැඩසටහනක් පැවැත් වුවා.ඒ වැඩසටහනේ අරමුණ වුනේ සිංහල පරිවර්තනය සඳහා අපෙන් උදව්වක් ගන්න එක.ඉතින් ඔයාලටත් පුලුවන් ගූගල් සිංහල පරිවර්තනයට ඔයාලගෙ සහයත් ලබාදෙන්න මෙන්න මේ සබැඳියෙන් ගිහින්.https://translate.google.com/community අපි හැමෝගෙම උත්සහාය මත තමා ගූගල් සිංහල පරිවර්තනය සිදුවෙන්නෙ .ඒකට ගතවන කාලයත් අපේ උත්සහාය කැපැවීම මතම පවතීවි.මෙම පරිවර්තනය සම්පූර්ණ වුනදාට අපිට පුලුවන් වෙයි youtube,G+,adsense ආදී ගූගල් සමාගමේ හැම සේවාවකම සහාය සිංහලෙන්ම ලබාගන්නේ වගේම ඔයාලගෙ හිතේ නිහතමානී ආඩම්බරයකුත් ඇති කරගන්න පුලුවන්.මොකද ඔයාලත් මේ සිංහල පරිවර්තනයට පුංචි හරි සහයෝගයක් ලබාදුන්න කියල!එහෙනම් අදට මම ගිහිල්ල එන්නම් සුබ දවසක් ඔයාලා හැමෝටම!
No comments:
Post a Comment