>>Download Now...<<
මුලින්ම එය ඔබ පරිගණකයේ ස්ථාපිත කරගන්න.එය ස්ථාපනය කල පසු මෙසේ දිස්වේ.file rescue ලෙස හැදින්වෙන කොටස මගින් ඔබ මකා දැමු ෆයිල් ස්කෑන් කල හැකි බව පෙන්වයි.එම කොටුවේ දැක්වෙන අදාළ දෘඩ තැටිය තෝරා ok විධානය දුන් විට නැවත ලබා ගත හැකි ෆයිල් පෙන්වාදෙයි.එම ලයිස්තුවේ ඉදිරියෙන් ඇති කුඩා කොටුව මත ටික් එකක් දීමෙන් ඔබට නැවත ලබා ගත හැකි ෆයිල් එක තෝරා දිය හැක.ඉන් පසු recover විධානය දුන් පසු තවත් කුඩා ඩයලොග් බොක්ස් එකක් එයි.එහිදී ඔබේ ෆයිල් එක save විය යුතු ස්ථානය ඔබට තෝරා දිය හැක.එහි yes එබීමෙන් ෆයිල් එක ඔබ තෝරා දුන් ෆෝල්ඩරයට ත් no යන්න එබීමෙන් ඔබ මකා දැමු ෆයිල් එක තිබු ස්ථානයටත් නැවත ප්‍රතිස්ථාපනය වීමට සැලැස් විය හැක.
මෙමෙ මෘදුකාංගයේ ප්‍රධාන මෙනුවේ Deleted file seach යන්නෙන් ඔබ අතින් මැකී ගිය ෆයිල් එක සොයා ගත හැක.එමෙන්ම මෘදුකාංගයේ තවත් වැදගත් කරුණක් වන්නේ මෙමගින් ඔනෑම ෆයිල් එකක් සදහටම මකා දැමීමට හැකි වීමයි.විශේෂයෙන් මුර පද වැනි වටිනා තොරතුරු සමග ඔබ පරිගණකය නැවත විකිනීමෙන් යම් අයකු අතට එම තොරතුරු පත් විය හැක.එනිසා මෙමගින් අවශ්‍ය ෆයිල් සදහටම මකා දැමීමට හා පුළුවන.ප්‍රධාන මෙනුවේ දකුණු පසින් ඉහලින්ම ඇති Files wiper යන්නෙන් ගොස් ඔබට අවශ්‍ය ෆයිල් නැවත ලබා ගත නොහැකි පරිදි ඉවත් කල හැක.
තව වැඩ කෑලි ටිකක් තියෙනව අධ්‍යයනය කරල බලන්ඩකෝ.....
අදට යනව ආයෙත් තව පෝස්ට් එකකින් ඈ.
අදට යනව ආයෙත් තව පෝස්ට් එකකින් ඈ.





No comments:
Post a Comment